Friday, August 19, 2011

Windows 7 Aero theme පහසුකම සහිත පරිගණකයක් සැකසීම

        තම පරිගනකයේ Windows 7 install කලද එහි Aero theme නමැති පෙනුම ලබා ගැනීම ඇතැම් අයට පැන නගින ගැටලුවකි. ඔබ මිලදී ගන්නේ නවීන පරිගණකයක් නම් මේ ගැන සිතිය යුතු නොවේ, නමුත් Windows 7 Aero theme පහසුකම සහිත ඇතැම් පරිගණක වුවද නිවැරදි ලෙස Configure නොකිරීමෙන් Windows 7 Aero theme පහසුකම ඔබ පරිගණකයෙන් ගිලිහි යයි. එසේම ඔබේ පරිගණකය පහත සඳහන් අවම පහසුකම් සහිතනම් හෝ සුළු වෙනස් කම් කිරීමෙන් එම තත්වයට පත් කරගත හැකිනම් හෝ දැන් ඔබ පරිගණකයේ Windows 7 Aero theme පහසුකම සහිතව සැකසීමට සුදානම්ය.




Windows 7 Aero පහසුකම ලැබීමට පරිගණකයේ අවම ශක්‍යතාවයන් (Requirements)


  •  Intel pentium iv 3.0GHz වේගයක් සහිත ප්‍රොසෙසරයක් 
  •  LGA 775 හෝ 478 package සහිත මවු පුවරුවක්. (මෙහි DDR හෝ DDR2 වීම ගැටළුවක් නොවේ.)
  • 1GB සහිත RAM මතකයක්
  • 128MB මතකයක් සහිත Graphic Card එකක් (උදා:- Nvidia geforce fx 5200)
  • 80GB SATA දෘඩ තැටියක්.
  • 32bit color සහ resolution 1024*768 යෙදිය හැකි  15" හෝ 17" මොනිටරයක්.
(Key board, ouse දා ඔබේ අවශ්‍යතාවය පරිදි තෝරා ගන්න. නමුත් Windows 7 පරිගණකයේ ස්ථාපනය කිරීමට DVD ROM එකක් අවශ්‍ය වේ.)

ඉහත සදහන් කල ආකාරයට ඔබ පරිගණකයක් සකස් කරගත්තේ නම් දැන් එය Windows 7 Aero පහසුකම සඳහා අවම වශයෙන් අවශ්‍යතාවයන්ගෙන් සම්පුර්ණය.  ඔබ සතු Graphic Card එකද ඉහත මා සඳහන් කල nvidia geforce fx 5200 එකක් නම් එහි Drivers මෙතනින් බාගන්න. එය install කිරීමේදී ගැටළුවක් පැන නැගුනහොත් WinRAR භාවිතයෙන් එය Folder එකක් තුලට Extract කරන්න.  ඉන් පසු Device Manager වෙත ගොස් Display Adapter යටතේ ඇති Graphic Card  එක මත Right Click කර Update යන්න දී location යටතේ පෙර ඔබ විසින් Extract කරන ලද Drivers සහිත Folder එක ලබා දී NEXT කරන්න. Drivers install කර අවසන් වූ පසු පරිගණකය Restart කර බලන්න.

Restart කිරීමෙන් පසුද Windows 7 හි Aero theme එක සකස් වී නොමැති නම් පහත පියවර අනුගමනය කරන්න.

Drivers install වූ පසු, Start menu එකෙහි Search Box එකෙහි Aero ලෙස Type කරන්න. එවිට menu එකෙහි දිස්වන ප්‍රථිපල අතරින් "Find and fix problems with transparency and other visual effects" යන්න මත Click කරන්න.






























ඉන්පසු Open වන සැකසුම් කවුළුවෙන් NEXT විධානය ලබා දී ඉදිරියට යන්න.

















මෙම පියවර අවසානයේ  බොහෝ දුරට ඔබ පරිගණකයේ Windows 7 Aero theme පහසුකම සැකසේ. මෙම කරුණු වලට අදාලව ක්‍රියා කිරීමෙන් ප්‍රතිපලයක් නොමැති වූයේනම් හෝ ගැටළුවක් වෙතොත් Comments මාර්ගයෙන් මා වෙත යොමු කරන්න.








0 comments:

Post a Comment

Email subscribe

Sign up for our newsletter to receive the latest news and event postings.

Copyright © 2011 ..::ප්‍රභාත්ගේ blog සටහන::.., All Right Reserved. Design by # Powered by Blogger