Tuesday, August 16, 2011

නව ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලංකාවට හදුන්වා දෙයි.

          EZY group සමාගම්වලට අයත්  eSys ටෙක්නොලොජීස් ලංකා (පුද්) සමාගම විසින් නව ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලංකාවට මෑතකදී හඳුන්වා දුන් අතර මේ සදහා වූ හඳුන්වාදීමේ සමුළුවක් රත්නපුර ප්‍රරෙදේශයේ පරිගණක අලෙවි නියෝජිතයින් සඳහා ඔවුන් විසින් අද දින පවත්වනු ලැබිය. ඔවුන් පවසන්නේ  මෙය නව ක්‍රමයකින් (ගොඩක් අය කැමති Kaspersky වලට වඩා හොඳට :) )  ක්‍රියාත්මක වන බවයි. එසේ කීවද සම්පුර්ණ පැහැදිලි කිරීම් අවසානයේ මෙහි යම් වැදගත් කමක් ඇති බව මටද දැනුනි  :p ඔවුන් කිව්වේ නම් මෙන්න මේ දේවල් තමා.
       ඔවුන් හඳුන්වා දෙන 
නව ප්‍රතිවයිරස මෘදුකාංගයේ නම තමයි, Trend Micro Titanium Antivirus මෙහි ප්‍රධාන වෙනස් කමක් විදියට ඔවුන් සඳහන් කලේ එහි අන්තර්ජාල ආරක්ෂාවට අදාල ප්‍රතිවයිරස තොරතුරු (Virus Definitions) බහුතරයක් පරිගණකයට භාගත (Download) නොවී  බොහෝ දුරට පෙර සිටම ආරක්ෂාව සැකසී ඇති Cloud Server System එකක පවතින බවයි.

හ්ම්ම්....!! හිටපු ගොඩක් අයට ආපු ප්‍රශනයක් තමයි "දැන් කොහොමද internet නැති වෙලාවට virus එකක් අවොත් එහෙම කියල" :)   නෑ නෑ පොඩි Pattern File එකක් පරිගණකයටත් Download වෙනවා කිව්වා ඊට පස්සේ. අන්තර්ජාල නොමැතිව පරිගණකයේ වැඩකටයුතු කරන වෙලාවට ඒවා ඒකෙන අල්ලනවලු. මේ විදියට සිදුවීමෙන් වෙන වෙනස විදියට ඔවුන් කිව්වේ, ප්‍රතිවයිරස මෘදුකාංගයක Definitions ගොනු කාලයක් යන විට ඉතා විශාල වන බවයි, එවිට පරිගණකය boot වීමෙන් පසු මේ සියල්ල සැකසෙන බැවින් පරිගණකය පෙරට වඩා මන්දගාමී වේ. එසේම අන්තර්ජාලයට යොමු වී සිටින විට එහි සියල්ල පරිගණකයට Download වීමෙන් පසු scan කලද ඒ වනවිට වැඩි කාලයක් සහ වැඩි Band with එකක් මේ සදහා භාවිතා වී අවසන්ය. නමුත් මෙමෙ නව ප්‍රතිවයිරස මෘදුකාංගයේ දී අන්තර්ජාලයෙන් එන  සියල්ලක්ම මෙම  Cloud එක හරහා scan වී එන  බැවින් දැඩි ආරක්ෂාවක් පවතින බවයි. හේතුව ඔවුන්ගේ Cloud Server System එක තුල 24 hours යාවත්කාලින වීම සිදුවන බැවිනි. මෙනිසා අන්තර්ජාලයේ වේගය තරමක් අඩු නොවී පවතින බවක්ද ඔවුන් පැවසුවා, හේතුව අනවශ්‍ය දෑ පෙර ඉවත්වී අනතුරුව පරිගණකයට පැමිණීම නිසාවෙනි. එසේම මෙම ක්‍රමය සම්ප්‍රදායික (Conventional) security ක්‍රමවලට වඩා අලුත් පලදායි ක්‍රමයක් බවත් සදහන් කළා. මේ වන විට වෙනත් ප්‍රතිවයිරස නිෂ්පාදන සමාගම්ද මෙම cloud Security  ක්‍රමයට  යාමට අඩිතාලම සකස් කරන බවක් ඔවුන් පෙන්වා දුන් අතර Titanium Antivirus මෙම ක්‍රමය  ආරම්භ කර දැනට වසර 4 ක් වන බවත් සදහන් කළා. ඇත්තෙම්ම මා සිතන අන්දමට නම් ඔවුන් පැවසූ දේ එසේනම් මෙය නව වයිරස ඉවත් කිරීමේ ක්‍රමයකි, නමුත් අත්හදා බැලීමකින් තොරව මේ පිලිබඳ එකඟ වීමකට පැමිණීමට අපහසු බව බොහෝ අලෙවි කරුවන්ගේ මතය විය.


Titanium Antivirus සමග පැමිණෙන විශේෂාංග,
^ Spam block
^ Malware Protection
^ Internet Protection
^ Parental Control
^ 10GB Secure Online Storage


0 comments:

Post a Comment

Email subscribe

Sign up for our newsletter to receive the latest news and event postings.

Copyright © 2011 ..::ප්‍රභාත්ගේ blog සටහන::.., All Right Reserved. Design by # Powered by Blogger