Sunday, August 14, 2011

Windows හි තැඹිලි පසුබිමක් සහිතව හිස්ව පෙනෙන Calender Gadget එක නැවත සකසමු.

Calendar Gadget in Windows Sidebar Is Blank With Orange Background.

ඔබේ පරිගණකයේ  Calendar gadget එක තැඹිලි පසුමක්‌ සහිතව හිස්ව දිස් වනවාද., එසේම  Stocks Gadget එකත් Sidebar මතට add කල පසු නිවැරදිව දිස් නොවන්නේද. මෙය සිදුවීමෙන් ඔබ 

අපහසුතාවයට පත විය යුතු නැත :) බොහෝදුරට මෙවැන්නක් සිදු වන්නේ,  scripting run-time රෙජිස්ට්‍රේෂන් අවුල් වීමෙනි. මෙය නැවත සකස් කර ගන්න ආකාරය මම සරලව පැහැදිලි කර දෙන්නම්.







Registering VBScript.dll


 Administrator ලෙස Command Prompt මගින් මෙම vbscript.dll file එක Registering කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.


1. Start මේනුවෙහි පහල ඇති Search කවුළුවෙහි CMD ලෙස type කරන්න. එවිට menu එකෙහි ඉහල දර්ශනය වන CMD icon එක මත Right Click කර   Run as Administrator විධානය යොදන්න.



2. පහත දැක්වෙන command එක type කර ENTER කරන්න.
regsvr32.exe vbscript.dll
      ඔබ එම  command එක run කිරීමෙන් අනතුරුව පහත පරිදි message එකක් තිරයේ දිස් වේ.
3. පරිගණකය නැවත පන ගන්වා (RESTART) කර Calendar and Stocks Gadgets නිවැරදිව ක්‍රියාත්මක වන්නේදැයි බලන්න.

මෙයින් නිවැරදි නොවන්නේද? 

ඇතැම් Malwares සහ Virus යෙදුම් මගින් Registry එකෙහි වෙනස්කම් සිදුකිරිමෙන්ද මෙය සිදු විය හැක.

Microsoft සමගම විසින් ලබාදෙන Fix-It වැඩසටහන  Run කිරීමෙන් මෙයද පසුවෙන් නැවත සකස් කරගත හැක.

මෙම ගැටලුව Manually නිරාකරණය කර ගැනීමට.

1. Start Click කර , Regedit.exe ලෙස  type කර  {ENTER} press කරන්න.
2. පහත අනු කොටස් වලට පිලිවෙලින් ගමන කරන්න:
HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Internet Settings \ Zones
3.  Zones key එක යටතේ, ASCII character එකක් ලෙස ඉහත රුපයේ ආකාරයට දිස් වන subkey එක Delete කරන්න.
4. Registry Editor Close කරන්න .
5. පරිගණකය  Logoff කර  නැවත ඔබේ Account එකට login වන්න.

0 comments:

Post a Comment

Email subscribe

Sign up for our newsletter to receive the latest news and event postings.

Copyright © 2011 ..::ප්‍රභාත්ගේ blog සටහන::.., All Right Reserved. Design by # Powered by Blogger